Skip to main content

Posts

"ඇල්ඛොහොලැ කැඳ"

ක්‍රොණ්ටයින සමයෙහි, තමැ තමැ කුඨුම්භයන්ට වැද සිට් ජනී ජනයාට හට ගත් හා පීඩා කලා වූ නා නා දෝස අතර වූ, ථනිකණ් දෝසදැ, පුරා  හෝරා ගණනක් එකැම ඉරියව්වෙන්  සඛරබ්භයාගේ  ඵුස්කොලැ පොතැ කියැවීමෙන් දැ හටගත්තා වූ ශීර්ෂාබාධ දැ , කා බී ඇඟ නොසොලවා නේක නේක ඇලයෙන්  පශ්චාත් භාගයටැ සූරිය ද්වියෝත්ථමැයාගේ පහස ලැබෙන තෙක් සයනය කලාවෙන් හටගත්ථාවූ ඵුඛ්ඛ්‍යැභාධ ද , මෙකී නොකී කොරෝනා හැර සියැළු භයානක  දෝස   පුරාණ හෙළැ යකුන්ගේ රහස් වට්ටෝරුවකින් නිපදවන්නා වූ කැඳක් වන "ඇල්ඛොහොලැ කැඳ" බෙදා හරින්නා වූ සාලා ඕපනයෙන්  අල්ලටැ දැමූ සැනිටයිසර් බිදුවක් මෙන්  මෙසේ ඪූරීන් ඪූථැ වන වගයි..... ආමේන්....!
Recent posts

"අවසර නැත !"

අවසර නැත මට එලියට යන්නට කොරෝනා ඇත ලොව සතර දෙසේ... එනමුදු කර්ෆිව් නැතිකල දිනයට යලි මම පාරට බසිමි ලදේ.... කොත්තුවක් කන්නට නොහැකිව ලතවෙන මා අබියස කොස් පොලොස් ඉදේ... බෝතල්   ගන්නට නොහැකිව ලතවෙන උන්හට කසිප්පු  සැපයි පුතේ.... පොලිසියෙ යන්නට සැපටම කන්නට  බැරිකම මිස මේ ලෙඩට නොවේ.... ක්‍රොන්ටයිම් වන්නට  ගෙදරම ඉන්නට උන්   හද තුල ඉඩ නැතිව නොවේ...

සේවා යකුන්

බොලව් සේවඛයිනේ, ඉදින් තොප මෙතුවක් කල්  ජනී ජනයා ආතුර කිරීම් නොකොටැ තොප තොප කුඨුම්භයන් වලට වැදී ක්‍රොණ්ටයින් වී , පේවී , බුකි ඝතව , ගැහැණුන්ගේ නොනවත්නා  වහසි බස් අසමින්  හුන්නේ ද, ඉදින් ඒ ඝතකලා වූ ආථල සමයැ නිමාකොට සකල ජනී ජනයා  මුහුණ පාන්නාවූ නා නා විධ ,මෙකී නොකී දුක්ඛ දෝමනස්සයන් සමනයැ කිරීම පිණිසමැ වූ පරැම ප්‍රවිත්ථ වූ චේතනාවන් පෙරැදැරිකොටැ තොප තොප  ඔපිසයැන් වෙත වහ වහා වැඩමා වදාරණ සේක්වා..! ආමේන්....!

Pandamic

Few months after the pandamic ඒයි මේ! බලනව තාම අපිට කිසි ගොඩ ඒමක් නෑනේ. වියදම් අහස් උසට, ණය වාරිකත් සෑහෙන්න ! ලයිට් බිල් වතුර බිල්වත්  ගෙවන්නේ කෝමද කියල මං මේ කල්පනා කරන්නේ.. පොඩි එවුන්ගෙ ටියුෂන් වියදම් දැක්කම ඔලුව කැක්කුමයි. ඒක තමා මාත් මේ කල්පනා කරන්නේ . ගොඩයන්න සෑහෙන ගේමක් දෙන්න වෙයි. "සාත්තරේ ! සාත්තරේ ! අත බලලා අනාගතේ තමා කියනවා! සාත්තරේ!! "මාතියා සාත්තරයක් බලමුද? " " මේ ඒයි ! අපිත් සාත්තරයක් අහමුද?" "හුම්.. " "ඕගොල්ලො මූණ බලලා සාත්තර කියන්නැද්ද දැන්..?" "අනේ නෑ මාතියා , මේම ඉන්න කපල් වලට නෝනගේ මුණ බලල සාත්තරේ කියන්න ගීල කෙල තමා වෙනවා!" "ඇයි ඒ?" "ඔරිජිනල් මුණ නෙමෙනෙ මාතියා දැන් නෝනලගෙ තියෙන්නේ , කියන ඒව වරදිනවා තමා.. ! " (වයිෆ් රවා බලයි) "එහෙනම් ඔයාට අත බලලත් සාත්තර කියන්න වෙන්නෙත් නෑ...!!" "ඇයි මාතියා ඒ..?" "බලනවා..අත් හෝදලම අල්ලෙ රේඛා නෑ...!!"

යුධය II

රජපස්සයාණෝ ස්වප්නයේ දුටු ලෙසම ඛතිරැ යුධයට ඔහු සහෝදර නනදසේණයන් කැමැත්ත දී තිබුණෙන් දින සතක් උත්සව කර  කා බී බොහෝ ප්‍රීතියෙන් ඛතිරැ යුධයට අධිපති මහා බලැති රාවණා පරපුරේ  මැඛෝ උතුමාණන් විසින් නියම කරන ලද දිනැ තෙක් කාල්ටොං මන්දිරයේ  උළු ගණිමින් උරුවන් බාමින් තමැ පාරම්පරික කුරහන් පැහැ බොඩිආමරය ඔපැ දමමින්  සිටින්නේ ස්වප්නයේ දුටු ලෙසම නැවත තම හෙජැමොණිය ප්‍රාදූර්භූත වනු දැකීමේ රිසියෙන් ය.  පෙර යුධ කර තිබුණද නනදසේණයන්  ඛතිරැ යුධයට බටැ පලමු අවස්ථා වූ  නිසා ඔහුට රජපස්සයාගේ  සිත්පිත් නැති   කුලී හේවායන් ගේ සහය පැතීමට විය. ඉදින් මෙ කුලීහේවායන් අතර බෝහෝ විස්කම් පෑ හේවායන් ද සිටින බැවින් නනදසේණයන් දැ බොහෝ එඩිතරව යුධයට සූදානම් වන්නේ තමැ අය්යණ්ඩිය වූ රජපස්සයාණන් ගැන වූ මහත් වූ විස්වාසයෙන් ය. රජපස්සයාගේ සිත් පිත් නැති කුලී  හේවායන් අතැර  මහා බලසම්පන්න  උධගම්ම්න්පිළැ, තම මුඛයෙන් වුවද හී විදීමට සමර්ථ වාරවිංෂයැ, භූමි කම්පාකරමින් පා තබන  මහා යෝධ භැසිළයාණන් ද, ජොනැතන් ඵනන්ධු ,  ඪළසඅහල්ඵෙරැමැ හා රජපස්සයාගේ පුතුන්දැ මේ යුධයට තම අවි සූදානම් කරමින් සිටින්නේ ය. විසේසකාරණා කිම්ද යත් රජපස්සයාගේ පුතුන් අතරැ මහා දුරදක

යුධය

මෙතතපාලයන් රජපස්සයා පන්නා දමා  යහපාලනාඪයෙන්   පුරා සතර වර්ෂයක් රට සිරියෙන් පාලනය කරන කල්හි මෙකී යහපාලයට හස්ථි මයිලැක තරම්වත් හානි නොවූයේ,  යුධ ඇතිකර අර්බුධ ඇතිකිරීමට මහත් පලපුරුදු ඇත්තා වූ ,  මකර දේසැයට රට දී උන් ගේ කොළණියක් කිරීමැට, තම රෙජිමැයැට යළිදු කාලාන්තරයක් රටැවැස්සන්ට බැතන පුහාර, අධි පීඩන පැන් ප්‍ර්හාර හා විසේස භෝජන ලෙස විස්සවිද්දලැ සිස්සයන්ට දෙන්නා වූ දෑස ඵලා කදුළැලි එන ධූම ප්‍රහාර දීමට , මහ බඩගරය කොල්ලැකෑමට ආදී කිරීමට  නොලැබෙන බැව් දුටු රජපස්සයාණෝ  උඩුකුරුව සයනයේ වැතිරැ කල්පනා කරන්නේ "ඉදින් මෙත්තපාලයා රට මෙසේ ලිච්චවීන් සේ පාලනය කරන්නේ යම්සේද යළි කවරැකල්හි වත් බලය තම හස්තයට නොමැ එන්නේ ය.  ඉදින් මා කෙසේ සුවෙන් සයනය කරන්නේදැ. ? " කල්පනාකරමින්  තම කාල්ටොං නිවස්‍නයේ රාජ සයනයට බටුයේ යැ. එදින උකටලීවම සයනය කරන්නාවූ රජපස්සයාණෝ මහත්වූ අලංකාරැ ස්ව්ප්නයක් දකින්නේ  උදෑසන ප්‍රීතියෙන් පිනා ගොස් "නන්දසේණ! නන්දසේණ " යනුවෙන් තම සොයුරාගේ නම ඝෝශාකරමින්ම සයනයෙන් වැටෙන්නේ වහ වහා පැමිණි උන් ඇඹේණියැ වූ සිසිරන්තීගේ උපකාරයෙන්  සයනයේ  සතැපෙන්නේ, ඈ කිමක් නිසා මෙසේ වී දැයි විචාළ කල්

"ගොවියා"

මොකෝ මාමේ මේ කුඹුර දිහා බලාගෙන හූල්ලන්නේ? බලාපන් පුතේ මේ පාර අර අලුතින් වැඩට ගත්ත උන් ටික  දාල හාපු  කුඹුර ගන්න දෙයක් නැති වුනානේ. ලියැදි ඔක්කොම වගේ පාලුයි. එක පැත්තක් බොල් වෙලා,  අනික් පැත්ත කුරුල්ලෝ කාලා,  අර අර බලපන් පුතේ අතනින් තමයි වල් අලි ටික පැනල ගොයම් ටික කාලා තියෙන්නේ. මුන්ටිකට කුඹුර බාර දෙද්දී නම් කිව්වේ ඇහැක් වගේ බලාගන්නම් කියලා. කුඹුර පාලු වෙලා යනකම් දන්නැ. ඒ මදිවට  කට්ටිය  එකතු වෙලා ලොකු පඹයෙකුත් හැදුව. කෝ මාමේ ඒ පඹයා? ඔය තියෙන්නේ හිටවපු  තැනම,  ආන් බලහන් එකේ මුට්ටිය අස්සෙන් මොක්කුද යන්නේ කියලා.. අප්පටසිරි ! වී කුරුල්ලෝ නේද? එහෙනං ! පැටව් ටික ගියාට පස්සේ ඕක මන් ගලෝල දාන්න ඉන්නේ. දැන් මොකෝ මාමේ කරන්නේ? මේ කාලේ හරි හමන් මී හරකෙක් වත් හොයාගන්න බැරිකොට මන් මේ කල්පනා කොලේ ලබන පාර කන්නෙ කොහොමද කරන්නේ කියලා. #මඩ_සෝදාගත්_කල_ගොවියා_රජ_කමටත්_සුදුසුයි...???